රුසියාවේ ආසාදිතයින් ලක්ෂ 4 ඉක්මවයි


රුසියාවේ කොරෝනා ආසාදිතයින් ,ලක්ෂ හතර ඉක්මවා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මේ වනවිට රුසියාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 405 843කි.

පසුගිය දිනය තුළ පමණක් ආසාදිතයින් 9 268ක් වාර්තා වී තිබේ.

පසුගිය පැය 24 තුළ සිදුවූ මරණ 138ත් සමග රුසියාවේ සිදුවී ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව  4 693ක් දක්වා ඉහල ගොස් ඇත.

කොරෝනා වයිරසය හේතුවෙන් දරුණු ලෙස බලපෑමට ලක්වී ඇත්තේ මොස්කව් නගරයයි.

එසේ වුවද මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් නිවේදනය කර ඇත්තේ ජුනි 1 දා සිට නගරයේ අගුලු දැමීම් ඉවත් කරන බවයි.

සිල්ලර වෙළඳසැල් සහ සමහර සේවා අංශයේ ව්‍යාපාර නැවත විවෘත කිරීමට හැකිවනු ඇතැයි ද ඔහු පවසයි.

ජනතාවට පිටත ඇවිදීම සඳහා කාලසටහනක් හඳුන්වා දෙන බවද නගරාධිපතිවරයා සඳහන් කර තිබේ.

බොහෝ උද්‍යාන ද නැවත විවෘත කෙරේ.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)