රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානී ජෙනරාල් යුකෝව් ලංකාවට


(ටී.කේ.ජී.කපිල)

රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සල් යුකෝව්  මහතා අද (3) උදෑසන කටුනායක ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණියේය.

ජෙනරාල් සමඟ තවත් උසස් හමුදා ප්‍රධානීන් සිව්දෙනෙකු පස් දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මෙම පිරිස අද (3) උදෑසන 8.35 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායකට පැමිණියහ.

මොවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී  මේජර් රජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා ඇතුළු උසස් හමුදා නිලධාරීහු රැසක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

ජෙනරාල් ඔලෙග් සල්‍ යුකෝව් මහතා හෙට (4) පැවැත්වෙන 72 වැනි නිදහස් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වීමට නියමිතය.

පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාපතිවරු හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.