යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයක් මත රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානියා ජෙනරාල් ඔලෙග් සල්යුකොව් මහතා දින පහක සංචාරයක් සඳහා හෙට (3) මෙරටට පැමිණීමට නියමිතය.
ජෙනරාල් ඔලෙග් සල්යුකොව් මහතා සමඟ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනකු සහ ඔලෙග් සලියුකොව් මහත්මියද මෙම සංචාරයට එක්වන්නීය.
මෙම සංචාරයේදී ජෙනරාල් ඔලෙග් සල්යුකොව් මහතා ඇතුළු රුසියානු නිලධාරීන් පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් යන මහත්වරුන් මුණ ගැසීමට නියමිතය.
ඊට අමතරව ජෙනරාල් ඔලෙග් සල්යුකොව් මහතා ඇතුළු පිරිස ජයවර්ධනපුර යුද හමුදා ස්මාරකයට පුෂ්පෝහාර දැක්වීමට, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය නිරීක්ෂණය ආදී කටයුතුවලට ද එක්වනු ඇත.
ජෙනරාල් ඔලෙග් සල්යුකොව් මහතාට 72 නිදහස් දින උත්සවයේ විශේෂ අමුත්තකු ලෙස සහභාගී වීමට ද අවස්ථාව සලසා ඇතැයි යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
055

