(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකාවේ රදවාගෙන සිටින රුසියානු ගුවන් යානය පිළිබඳ ප්‍රශ්නය වහාම විසඳීමට මෙරටබලධාරීන් කටයුතු කළ යුතු බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ආර්ථික වශයෙන් විශාල හානියක් සිදුවීමට මත්තෙන් අවශ්‍ය පියවර ගැනීමට වහා ක්‍රියා කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කැස්බෑව ගොරකපිටිය ප්‍රදේශයේ අද පැවති උත්සවයකදීය.