රුසියා - යුක්රේන සංචාරකයින් ගෙන්වීමට වැඩපිළිවෙළක්


( තිළිණි ද සිල්වා )

රුසියාව හා යුක්රේනය සමග සංචාරක ප්‍රවර්ධන කටයුතු සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) සිට එම රටවල දී ආරම්භ කරන බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී.

සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම සඳහා රජය ගෙනයනවැඩපිළිවෙල යටතේ මෙම වැඩසටහන් ක්‍රියාත්මක වන අතර ඒ අනුව රුසියානු මාධ්‍යවේදීන් හා සංචාරක සංවිධාන ආයතනනියෝජිතයින් අතරත්, ශ්‍රී ලංකාවේ සංචාරක සංවිධානය නියෝජිතයින් අතරත් සාකච්ඡාවක් අද (06) වෙනිදා රුසියාවේ දී පැවැත්වෙන බවද ඒම අමාත්‍යාංශය කියා සිටී.

ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බව සංචාරකයින්ට පෙන්වා දීම සඳහා මෙරට සංචාරක ස්ථානවල ඡායාරූප ඇතුළත් ප්‍රදර්ශනයක් ද එහි දී පැවැත්වේ.

මෙවැනිම සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් යුක්රේනයේ දී ද ක්‍රියාත්මකකෙරෙන බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී.

මෙම රටවල සංචාරක ව්‍යාපාරයේ ප්‍රධානීන්ට හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර එහිදී විශේෂ සාකච්ඡා වාර කීපයක්ම සංවිධානය කර තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහාරුසියාව සහ යුක්රේනයදක්වන සහායඅගය කරන බවත් , ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සෞඛ්‍ය ආරක්ෂිත සංචාරක ක්‍රමවේද කෙරෙහි එම රටවල වැඩි අවධානයක් යොමුව ඇති බවද සංචාරක අමාත්‍යවරයා කියා සිටී.

වසංගත තත්ත්වය යටතේ සංචාරකයින්ගේ ආරක්ෂාව, සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද,ආගන්තුක සත්කාර, දැක්වීම අතින් ශ්‍රී ලංකා වඩාත් ඉදිරියෙන් සිටින බව පහුගිය කාලයේ මෙරට සංචාරය කළ පිරිස් සඳහන් කර ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

කොරෝනා වසංගත තත්ත්වය යටතේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට විදෙස් රටවල් දැඩි උත්සාහයක් දරන අවස්ථාවකශ්‍රී ලංකාව සෑම අතින්ම ආරක්ෂක රටක් ලෙසසැලකීමමෙරට සංචාරක ව්‍යාපාරයට සුබදායිබලාපොරොත්තුවක් ගෙන එන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග සංචාරක ව්‍යාපාරය නැංවීමේ සැලසුම් අත්හිටුවීමට සෑම රටක්මපියවර ගෙන තිබුණි. මේ වනවිට සෞඛ්‍යාරක්ෂිත උපදෙස්අනුව සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමට එම රටවල් කටයුතු කරමින් තිබේ.

ඉකුත් කාලයේ සංචාරකයින්ගේ පැමිණීම අනුවවැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි රටවල් 10 අතරට රුසියාව සහ යුක්රේනය ඇතුළත් වේ.