රුවන්වැලි හොරා ගහෙන් බස්සා රිමාන්ඩ් කරයි


අනුරාධපුර ශ්‍රී මහා බෝධියට එන වන්දනා කරුවන්ගේ පාවහන් සොරකම් කළැයි කියන පුද්ගලයෙක් අනුරධපුර වැඩ බලන මහේස්ත්‍රාත් බුවනෙක රාජකරුණා මහතා විසින් 04 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. පාවහන් ජෝඩු 50ක් මල්ලක දමාගෙන යද්දී පොලීසිය ක්‍රිෂාන් සංජීව නම් සැකකරු අත්අඩංගුවට ගත්තේය. මේ අතර වන්දනාකරුවකු සේ රුවන්වැලි සෑ මළුවේ රාත්‍රිය ගත කළ පුද්ගලයකු උපාසිකාවකගේ ගමන්මල්ලක් සොරාගෙන මහ ගසකට නැග සිටියදී අත්අඩගුවට ගත් බව පොලීසිය අධිකරණයට දැන්වීය. අනුරාධපුර විජේපුර මහේෂ් වජිරරත්න නම් වූ එම පුද්ගලයාද ලබන 04 වන දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.