රුවන්පුර රැලියටත් තහංචි


රුවන්පුර බොදු සංවිධාන එකමුතුව රත්නපුර නගරයේ දී ජුනි 23 දි පැවැත්වීමට සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරය පැවැත්වීම වළක්වමින් රත්නපුර මහේස්ත්‍රාත් කේ ඩී එල් සමන් කුමාර මහතා අද තහනම් නියෝගයක් නිකුත් කළේය.

මෙම විරෝධතා ව්‍යාපාරයට ඉඩ දුන්නොත් මහජනතාවට සහ දේපොළවලට හානි සිදුවිය හැකි බව සඳහන් කර රත්නපුර පොලිසිය කරුණු දැක්වීය.