හොර උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයකින් ත්‍රිකුණාමලය රිසානා නෆීක් දැරිය සෞදි අරාබියේ ගෘහ සේවයට යැවීමට ආධාර අනුබල දුන් අබ්දුල් සලාම්ට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය අද (24) පස් වසරකට අත්හිටවූ සිව් වසරක සිරදඬුවමක් සහ රුපියල් 10000 ක දඩයක් නියම කළාය. මෙම සිද්ධියට අදාලව අධි චෝදනා ලැබසිටි අනෙක් විත්තිකරුවන් දෙදෙනාට ඉකුත් ජනවාරි මාසයේ දඬුවම් නියම කර තිබුණු අතර මෙම විත්තිකරු මාස 15ක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි. සෞදි අරාබි දරුවකු මරා දැමීයැයි මරණ දඬුවම නියම වී සෞදි හිරගෙදරක සිටින රිසානා බේරාගැනීමට ලොව විවිධ සංවිධාන ශ්‍රී ලංකා රජය ද මැදිහත් වී සිටියි.

