රිෂාඩ්ගේ බිරිඳගේ-සොහොයුරාගේ ගිණුම් පරීක්ෂා කර වාර්තාවක් දෙන්නැයි නියෝග


(නිමන්ති රණසිංහ)

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ බිරිදගේ සහ ඔහුගේ සොහොයුරාගේ බැංකු ගිණුම් පරීක්ෂා කර වාර්තාවක් කැඳවීමට ගල්කිස්ස මහේස්ත‍්‍රාත් උදේශ් රණතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (28) නියෝග කළේය.

ලංකා සතොස ආතනයේ සිදුවී ඇතැයි කියන මුදල් වංචාවකට අදාළව සොයාගත් ලිපි ලේඛණ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව අද (28) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලිමක් සැළකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව මෙලෙස බැංකු ගිණුම් පරීක්ෂා කිරීම සදහා අවසර නිකුත් කෙරුණේ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන් මහතාගේ බිරිඳ වන කේ. එම්. අයීෂා සහ හිටපු අමාත්‍යවරයාගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් යන අයවලූන්ගේය.