රිෂාඩ්ගේ පක්ෂයත් සීමා නිර්ණයට එරෙහි වෙති


නාලක සංජීව දහනායක
 
පළාත් සභා මැතිවරණ නව ඡන්ද ක්‍රමය යටතේ පැවැත්වීමට අදාළව හෙට (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන සීමා නීර්ණ කමිටු වාර්තාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන බව රජයේ පාර්ශ්වකාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසය සඳහන් කරයි.
 

පසුගිය මහා මැතිවරණයෙන් සමස්ත ලංකා මහජන කොංග්‍රසයට මන්ත්‍රීධූර පහක් හිමිවිය. ඒ අනුව ඔවුන් සියලූම දෙනා සීමානීර්ණ වාර්තාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට තීරණය කළ බව එහි සමාජිකයෙක් ලංකාදීපයට පැවසීය.
 
අමාත්‍ය රිෂාඩි බදියුදීන් මහතා මේ වනවිට පවුලේ සාමාජිකයන් සමඟ හජ් වන්දනාව සඳහා මක්කම ගොස් සිටින බවත් ඔහු ඉරිදා (26) නැවත මෙරටට පැමිණෙන බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.