රියැදුරු බලපත් නැතිව වෑන් රිය පැදවූ හිමිනම අත්අඩංගුවට


(උපාලි ආනන්ද)

අනුරාධපුරයේ සිට කුරුණෑගල දෙසට රියදුරු බලපත‍්‍ර නෙමැතිව  වෑන් රථයක් පැදවූ බව කියන හිමිනමක් අද (9) අත්අඩංගුවට ගත් බව තිරප්පනේ පොලිසිය කියයි.

වෑන් රථයේ සිටි අනෙත් පුද්ගලයාටද රියදුරු බලපත‍්‍රයක්  නොමැති බවට පොලිස් පරික්ෂණවලදි හෙළි වී තිබේ.
වෑන් රථයේ අයිතිකරු කාන්තාවක බවද හෙළිවී ඇත.

අනුරාධපුරයේ පොසොන් වන්දනාවේ ගොස් ආපසු පැමිණෙන අතරතුරදී ඒ හිමියන් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
මෙරට  භික්ෂූන් වහන්සේලාට වාහන පැදවීමට හෝ රියදුරු බලපත‍්‍ර ලබා ගැනිමට තවමත් නීතියෙන් අවකාශ  සැලසී නැත