රියැදුරු-ගාඩ් හබයෙන් මගීහු රස්තියාදු වෙති
කොළඹ රඹුක්කන දුම්රියේ රියැදුරු හා නියාමක අතර බහින් බස් වීමක් නිසා දුම්රිය මිනිත්තු 27 ක් පමා විය. රියැදුරා අධික වේගයෙන් යතියි කියමින් නියාමක ඔහුගේ මැදිරියේ තිරිංග මගින් වේගය පාලනය කිරීම මේ හබයට හේතුවයි. දුම්රිය නියාමක දුම්රිය පොළට පැමිණිල්ලක් භාරදීමෙන් පසුව දුම්රිය යළි පිටත්විය. මේ ගැන පරීක්ෂණයක් කරන බව දුම්රිය මෙහෙයුම් මැදිරිය කියයි.

