රියදුරු බලපතත් කිව්.ආර් වේ


(යොහාන් භාසුර සහ ඩයනා උදයංගනී)

මෙම වසරේ සිට රියදුරු බලපත්‍රය යාවත්කාලීන කරන සෑම රියදුරෙක්ටම කිව්.ආර්. කේතය සහිත නව රියදුරු බලපත්‍රය නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන) කුසලානි ද සිල්වා මහත්මිය පැවසුවාය.

වර්තමානයේ ශ්‍රී ලාංකිකයන් සතුව රියදුරු බලපත්‍ර වර්ග හතරක් ඇති බව කී කුසලානි ද සිල්වා මහත්මිය එම සියලුම රියදුරු බලපත්‍ර යාවත්කාලීන කරන විට නව කිව්.ආර්. කේතය සහිත රියදුරු බලපත්‍රයක් නිකුත් කරන බව ද සඳහන් කළාය.