රිය අනතුරෙන් හිමි නම අපවත් වේ


ගාල්ලේ සිට කොළඹ බලා එමින් සිටි වෑන් රියක් කොස්ගොඩදී නවතා තුබූ ලොරියක හැපී හිමිනමක් අපවත්වී වෑන් රියේ ගමන් කළ සිවුදෙනකු  ද ලොරියේ රියදුරු කත ද තුවාල ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. මේ අනතුරින් මියගියේ 16 හැවිරිදි මහවැවේ සුමිත්ත නම් හිමි නමකි.