රිය අනතුරෙන් දෙකක් මරුට


අද අළුයම 3.30ට පමණ හෙට්ටිපොලදී ලොරියක් හා වෑන් රියක් ගැටී වෑන් රියදුරු හා දහතුන් හැවිරිදි දරුවකු මියගොස් 15ක් තුවාල ලදහ. තුවාලකරුවන් හත්දෙනෙකු හෙට්ටිපොල රෝහලට ද අට දෙනෙකු කුලියාපිටිය රෝහලටද ඇතුලත් කර ඇතැයි පොලීසිය කියයි. තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.