රිය අනතුරකින් පුද්ගලයකු මරුට


(ගලේවෙල මොහොමඩ් බුහාර්දීන්) 

දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගය ගලේවෙල ඉබ්බන්කටුව ප්‍රදේශයේදී ඊයේ (24)  රාත්‍රියේ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ කැබ් රථයක පිටු පස ලොරි රථයක් ගැටීමෙන් වෙළඳසැලක් කඩා  ගෙන ගොස් නතර වූ රිය අනතුරකින් කැබ් රථයේ සිටි පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.                                      

මෙසේ මිය ගොස් ඇත්තේ දඹුල්ල පහලවැව කපුවත්ත  ප්‍රදේශයේ පදිංචි වෘත්තියෙන් අඹ කඩන හතලිස් හැවිරිදි දෙදරු පියෙකි. කැබ් රථ රියදුරු සිය රථය මාර්ගය හරහා හැරවීමට උත්සාහ කළ විටදී කොලබ සිට අක්කරෙයිපත්තුව බලා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබු  ලොරි රථයක්  කැබ් රථයේ  ගැටීමෙන් එය තල්ලු කරගෙන ගොස් ඒ අසල පිහිටි  වෙළෙඳ සලක් කඩා ගෙන ගොස් නතර වී ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයාගේ සහෝදරයා ද පසු ගිය මස  පොහොය දිනයට  පෙර දින අඔ ගසකින් පය ලිස්සා ඇද වැටී මිය ගිය බවත් මේ පෝය දිනට පෙර දින රාත්‍රිය ඔහුගේ අනිත්  සහෝදරයා මොහුද  රිය අනතුරින් මිය යාම සුවිශේෂ   සිද්ධියක් විය. ගලේවෙල පොලිසිය විශේෂ පරීක්ෂණ පවත්වයි.

(ඡායාරූප - ගලේවෙල මොහොමඩ් බුහාර්දීන්)

 

(ඡායාරූප - කාංචන කුමාර ආරියදාස)