රිය අනතුරකින් විදේශිකයෝ 4 ක් ඇතුළු 6 ක් රෝහලේ


(කාංචන කුමාර ආරියදාස)

කුරුණෑගල දඹුල්ල  මාර්ගයේ ගලේවෙල ඕමාරගොල්ල පල්ලමදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීමෙන් අද ( 01)  දහවල් සිදු වූ අනතුරකින්  ප්‍රංශ ජාතික මව, පියා ,පුතා සහ දියණිය රියදුරු සහ මගපෙන්වන්නා තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

ගුවන්තොටුපොළේ සිට  සිගිරිය  සංචාරක හෝටලයකට ගමන් කරමින් තිබියදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.

අනතුරට පත් වි‍දේශිකයෝ  වයස  අවුරුදු 54, 56 ,21, 23 පසුවන  එකම පවුලේ පිරිසකි 

මෙම  අනතුරින් වෑන් රථයේ රියදුරාට සහ  සංචාරක මග පෙන්වන්නාට බරපතළ තුවාල සිදුවී තිබෙන බවත් ප්‍රංශ  ජාතිකයන්ගෙන් මවට පියාට සහ දියණියට  දරුණු  තුවාල සිදුවී ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය .

විදේශික කණ්ඩායම  රැගෙන යමින්  තිබූ වෑන් රථය අධික වේගයෙන් පැමිණ මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ කම්බි වැටක   කණු හතක් පමණ කඩාගෙනය තේක්ක ගස් දෙකක ගැටි අනතුර සිදුවී තිබේ.

සිද්ධිය පිළිබඳව පොලීසිය පරීක්ෂණ කරයි .