රිටි පැනීමේ ලෝක ශූරිය ඇමරිකාවේ ජෙනිෆාට පරදියි


ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ රිටි පැනීම කාන්තා ඉසව්වේ ලෝක වාර්තාව හිමි රුසියාවේ එලීනා ඉසෙන්බාවා පරදවමින් රන් පදක්කම දිනා ගැනීමට ඇමරිකාවේ ජෙනිෆා සූර් සමත්වුවාය. 30 හැවිරිදි එලීනා, අවසන් වරට පැවැති බීජිං ඔලිම්පික් උළෙලේදී සහ 2004 ඇතන්ස් ඔලිම්පික් උළෙලේදී රිටි පැනීම කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගත් ක‍්‍රීඩිකාවයි. ඇයට මෙවර ලෝකඩ පදක්කමෙන් සෑහීමට පත්වීමට සිදුවිය. එලීනා, උපරිම මීටර 5.06 ක් පනිමින් ලෝක වාර්තාව පිහිටුවා ඇති අතර ලන්ඩන් නුවරදී ඇගේ දස්කම දැක් වුයේ මීටර 4.70 ක් දක්වා අවම වී තිබුණි. ජෙනිෆා ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලකදී රන් පදක්කම දිනාගත් පළමු අවස්ථාව මෙයවේ. ඇය බීජිං ඔලිම්පික් උළෙලේදී රිදී පදක්කම ලැබුවාය. ජෙනිෆා මීටර 4.75 ක් පැන රන් පදක්කම දිනාගත් අතර කියුබාවේ යස්ලියා සෙල්වා (මීටර 4.75) රිදී පදක්කම දිනා ගත්තාය. රන් පදක්කම දිනාගත් ජෙනිෆා එලීනා අසාර්ථක වු පිම්ම