ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර කුරුණෑගල වෙලගෙදර කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් 19 න් පහළ කි‍්‍රකට් තරගයේදී ලකුණු 120 ක පහසු ජයක් ලබාගැනීමට ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය සමත් විය.
දෙවන ඉනිමේදී ලකුණු 18 කට කඩුලූ 7 ක් සමගින් තරගයේදීම ලකුණු 33 කට කඩුලූ 9 ක් දවාලීමට රිච්මන්ඞ් විද්‍යාලයේ දකුණතින් මඳ වේග පන්දු යවන ක‍්‍රීඩක සවීන් නානායක්කාර සමත් විය. මලියදේව විද්‍යාලයේ දකුණතින් පිට දඟ පන්දු යවන කී‍්‍රඩක කුසල් ද සිල්වා පළමු ඉනිමේ දී ලකුණු 37 කට කඩුලූ 6 ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 52 කට කඩුලූ 5 ක් සමගින් සමස්ත තරගයේදී ලකුණු 89 කට කඩුලූ 11 ක් දවාලීමට සමත් වූ නමුත් ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගලවාගත නොහැකි විය.
රිච්මන්ඞ් විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 223
(චරිත් අකලංක 61, කේ. ටිරෝන් 45, ප‍්‍රභාත් නිෂාන්ත 32, සවීන් නානායක්කාර 22, කුසල් ද සිල්වා 37/6, රසංජන ජයරත්න 58/2)
මලියදේව විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 144
(මිනෝද් රණසිංහ 64, කුසල් ද සිල්වා 34, සවීන් නානායක්කාර 15/2, වරුණ දේශපි‍්‍රය 17/2, චමෝද් පියුමාල් 21/2)
රිච්මන්ඞ් විදුහල දෙවැනි ඉනිම - කඩුලූ 8 ක් දැවී 127
(සිතාර ගිම්හාන් 37, හසිත මධුෂාන් 20, සවීන් නානායක්කාර 20, කුෂල් ද සිල්වා 52/5, රසංජන ජයරත්න 63/2)
මලියදේව විදුහල දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 86
(මිනෝද් රණසිංහ 21, සවීන් නානායක්කාර 18/7)

