රෑ ගමන් ගිය කත කෙළෙසයි


ඉන්දියාව පුරාම කිසිදා නොදුටු අන්දමේ ක්ෂණික කෝපයක් ඇතිකළ අමානුෂික ස්ත්‍රී දුෂණයක් පසුගියදා නවදිල්ලි නුවරින් වාර්තාවිය. සිය මිතුරෙකු සමඟ රාත්‍රී චිත්‍රපටයක් නරඹා නවාතැන් බලා ගමන්කරමින් සිටි 23 හැවිරිදි  භෞතක චික්තිසා සිසුවියක් මැරකන්ඩායමක බිහිසුණු පහරදීමකට ලක්වූ අතර ඇය අද ජීවිතයත් මරණයත් අතර බලවත් සටනක යෙදෙමින් රෝහල්ගතව සිටින්නීය. මේ දුෂ්ට අපරාධයට වගකිවයුතු හයදෙනෙකුගෙන් යුතු මැර පිරිස අල්ලා ගැනීමට පොලිසිය තවමත් අසමත්වී තිබීම මහජනය කෝපය උත්සන්න වීමට හේතුවී ඇත. මැරයන් එම කාන්තාව කෙළෙසා ඇත්තේ " තනියම රාත්‍රී කාලයේ ඇවිදීමේ වරදට" බව පවසා ඇත. මෙම ඛේදජනක ප්‍රවෘත්ති එළිවීමත් සමග මුළු ඉන්දියාව පුරාම මෙමෙ සැහැසි ක්‍රියාව හෙළා දකිමින් එයට සම්බන්ධ සියලු දෙනා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකෙරෙන විරෝධතාවයන් මුළු රට පුරාම ක්ෂණිකව පැවැත්විණි.