රෑ කෑමෙන් පසු හමුදාවේ 130 ක් ලෙඩවෙයි
සඳුදා රාත්‍රී ආහාරය ගැනීමෙන් පසු මත්තෙගොඩ හමුදා කඳවුරේ සෙබළුන් 133 දෙනකු නාරාහේන්පිට හා පනාගොඩ යුද හමුදා රෝහල්වලට ඇතුළු කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් මීට හේතුව සොයාගැනීමට වෛද්‍ය පරීක්ෂණ බවත් ඔහු කීවේය.

