රැවුල ගිනි ගනිද්දී සුරුට්ටු පත්තු කරයි


මහවැලි ආරක්ෂක වේල්ලේ සේරුනුවර හා නීලපොළ අතර සේදී ගිය තැන්වලින් පිහිනාගොස් ගඟේ වැලිගොඩ දැමීම ඇරඹීමත් සමග වේල්ල තව තවත් කැඩී මහා අනතුරක් සිදු වීමේ අවදානමක් ඇතැයි සේරුනුවර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ  එච්.එම්. ජුනයිඩ් මහතා කියයි. වැලි ගෙන යෑමට එම පෙදෙසට ටිපර් ඇතුළුවීම තහනම් කර ඇත.