(නිමන්ති රණසිංහ)
වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි සිරකරුවෙකුට මත්ද්‍රවය ලබා දීමට පැමිණි බව කියන පුද්ගලයෙකු බොරැල්ල පොලිසිය විසින් අද (13 ) අත්අඩංගුවට ගනු ලැබ ඇත .
වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය මුහුණ ලා ඇති බේස්ලයින් මාවතේ පදික වේදිකාවේ සිට පුද්ගලයෙකු ඔත්තු බලමින් සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටින බව බන්ධනාගාර වැඩ කණ්ඩායම් භාරව සිටි නිලධාරියෙකු බන්ධනාගාර අවි අංශය දැනුවත් කර ඇති බවත් ඒ අනුව මෙම පුද්ගලයා නිලධාරීන් භාරයට ගත් බවත් බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.
බන්ධනාගාර අවි අංශ නිලධාරි කණ්ඩායම එම පුද්ගලයා රැදී සිටි ස්ථානයට යන විට එම තැනැත්තා බේස්ලයින් මාර්ගය හරහා කැම්බල් ක්‍රීඩාංගනය දෙසට දිව ගොස් ඇති අතර, නිලධාරි කණ්ඩායම සැකකරු පිටුපස ලුහුබැද ගොස් අත්අඩංගුවට ගෙන ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
පසුව සිදුවීම සම්බන්ධව සැකකරුගෙන් ප්‍රශ්ණ කිරිමේ දී මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවත් වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි සිරකරුවෙකුට මත්ද්‍රවය ලබා දීමට පැමිණි බවත් පාපොච්චාරනය කර ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය .
සැකකරු සෝදිසි කිරිමේදී පාපොච්චාරණය කල ආකාරයට කිසිදු මත්ද්‍රව්‍යක් හමු වී නොමැති අතර, ජංගම දුරකථනයක් පමණක් ඔහු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බව ද හෙතෙම පැවසීය.
ඒ අනුව ඉදිරි විමර්ෂන කටයුතු සඳහා මෙම සැක කටයුතු පුද්ගලයා බොරැල්ල පොලීසියට බාරදුන් බවද ඔහු සඳහන් කළේය

