(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මරණීය දණ්ඩනය නියම වැලිකඩ බන්ධනාගාරය තුළ රඳවා ඇති රැඳවියෙකු තවත් රැඳවියකුට මහා දවාලේදි බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
රැඳවියා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.
පුද්ගල ඝාතන සිද්ධියකට මරණීය දණ්ඩනය නියමව සිටින රැඳවියා දූෂණ චෝදනාවකට වසර 6ක සිර දඬුවම් විදින රැඳවියකුට ලිංගික අපයෝජනය කර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් බොරැල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇත.
29 හැවිරිදි රැඳවියා ශාරීරික අවශ්‍යතාවයක් සඳහා වැසිකිළියට ගිය අවස්ථාවේදී ඒ තුළට බලහත්කාරයෙන් කඩා වැදුණු 52 හැවිරිදි රැඳවියා 29 හැවිරිදි රැඳවියා ගේ කට වසා ලිංගික අපචාරය සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බොරැල්ල පොලිසිය එම අපචාර සිද්ධිය ඇසින් දුටු බව කියමින් 45 හැවිරිදි රැඳවියකු ගේ ප්‍රකාශ මෙන්ම ලිංගික අතවරයට පත්වූ රැඳවියන්ගේ ප්‍රකාශ සහ අතවරය සිදුකල රැඳවියාගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු කිය.
බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක පියදර්ශන විතානගේ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

