රැජන ජුබිලියට ලන්ඩන් විහාරෙත් තෝරා ගනී


දෙවැනි එලිසැබෙත් මහ රැජන සිහසුනට පත්වී හැට වසරක් පිරීම සැමරීමේ ආගමික වතාවත් ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණි. බ්‍රිතාන්‍යයේ පැරණිතම ථෙරවාදී පන්සල ලන්ඩන් බෞද්ධ විහාරයයි. බකිංහැම් මාලිගේ ප්‍රධාන පාලක එයාර් වයිස් මාර්ෂල් ශ්‍රීමත් ඩේවිඩ් වෝකර් එම වතාවත්වලට රැජනගේ නියෝජිතයා ලෙස සහභාගී විය. විහාරාධිපති හා මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල හිමියෝ රැජිනගේ නියෝජිතයා පිළිගත්තේය. විහාරයේ දායකයෝ සියයක් පමණ මේ අවස්ථාවට එක්වූහ. රැජනගේ ස්වර්ණ ජුබිලියේදී සීලවිමල නාහිමියෝ බෞද්ධ ප්‍රජාව නියෝජනය කළහ. රැජනගේ සහකාර ප්‍රවෘත්ති ලේකම් ෂැකි කූපර්, එංගලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්ද ආගමික වතාවත්වලට එක් වූහ.