රැකියා විරහිත උපාධිධරයෝ 4100 ක් පත්වීම් ලබති


(නිමල කොඩිතුවක්කු)
   
රැකියා විරහිත උපාධිධාරින් 4100ක් සඳහා පත්විම් ලිපි ප‍්‍රදානය අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රදානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (20) සිදුකෙරිණි.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, ව්‍යාපෘති කළමනාකරණ සහ යෞවන කටයුතු  අමාත්‍යංශය ඇතුළු අමාත්‍යාංශ සඳහා එම පිරිස අනුයුක්ත කර තිබේ.

වත්මන් ජාතික රජය බලයට පත්ව 2017 වර්ෂය අවසන් වනවිට සෘජුව  ලියාපදිංචි කළ සේවා නියුක්තිකයන්ගේ සංඛ්‍යාව හාර ලක්ෂ තිස්දහසක් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදි පැවසීය.

මෙම කාළය තුළ ස්වයං රැකියා ,  විදේශ  රැකියා ආදි සියල්ල එක් කළ විට  ලක්ෂ හතකට පමණ රැකියා, ආදායම් මාර්ග ඇතිකර ඇති බවද අග‍්‍රාමාත්‍යවරයා එහිදි වැඩිදුරටතත් සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක,  ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ජාතික ප‍්‍රතිපත්ති හා ආර්තික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂණ පෙරේරා, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, හේෂා විතානගේ යන මහත්වරුන් සහ   අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
 
ඡායාරූප : ඉෂාන් සංජීව