රානි බුලත්වෙල රෝමයේ වැඩ බාර ගනී


නීතීඥ රානි බුලත්වෙල මහත්මිය රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ නියෝජ්‍ය තානාපතිනිය ලෙස වැඩ බාර ගත්තාය.

ලන්ඩනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිනිය වූ ඇය ලන්ඩනයේ ත්‍රස්ත විරෝධී සංවිධානයේ කැදවුම් කාරිණියයි.

තානාපති කාර්යාලයයේ නිලධාරී හිඟයක් පවතින බව ද, ඒ ගැන හැකි ඉක්මනින් විදේශ අමාත්‍යංශයට දන්වන බවද, තානාපති කාර්යාලයයේ වැඩ විධිමත් කරන බව ද බුලත්වෙල මහත්මිය ‘එසැණට‘ කීවාය.

කොන්සියුලර් අංශය ගැන තමා වැඩි අවධානයක් යොමු කරන බව ද, දුර ප්‍රදේශවල සිට එන ශ්‍රී ලාංකිකයන්ට සුළු වේලාවක් තුළ අවශ්‍ය කටයුතු සිදු කර දීමට කටයුතු කරන බව ද, එරට සිටින සියලු ලාංකිකයන් සමග සුහදව කටයුතු කරන බව ද ඕ කීවාය.