රාත‍්‍රී මෝටර් රථ - යතුරු පැදි තරගාවලිය අද
වේගය, භීතිය හා තරගකාරීත්වය එකට මුසු කරමින් ශ්‍රී ලාංකීය මෝටර් රථ ක‍්‍රීඩා ලෝලීන්ට නැවුම් අත්දැකීමක් ගෙන දුන් කොළඹ රාත‍්‍රී මෝටර් රථ හා යතුරු පැදි තරගාවලියේ දෙවැන්න අද (15) පස්වරු 7 ට කොළඹ ගාලූ මුවදොර පිටිය සහ කොටුව ප‍්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වේ.
ශී‍්‍ර ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරග බිමේ මෙතෙක් නොවූ විරූ, අතිශය බලසම්පන්න මෙන්ම වේගවත් මෝටර් රථ කිහිපයක් රාතී‍්‍ර මෝටර් රථ තරගාවලියේදී දැක ගැනීමට හැකිවේ.
වොක්ස් වෝගන් පෝලෝ රථ මෙන්ම සුපිරි මෝටර් රථ ඇතුළත් ජී.ටී. 4 සහ ජී. ටී. 4 කාණ්ඩයේ මෝටර් රථ ආදී ලෝකයේ ඉතාමත් බලසම්පන්න මෙන්ම වේගවත් මෝටර් රථ එදින ධාවනය වේ.
ජපානය, මැලේසියාව, හොංකොං, එංගලන්තය සහ ඉන්දියාව යන රටවලින් මෝටර් රථ ධාවකයෝ 35 දෙනෙක් තරගාවලියට සහභාගිවෙති. යතුරු පැදි ඉසව් සඳහා මාලදිවයිනෙන්ද තරගකරුවෝ ඉදිරිපත්ව සිටිති.
දිවයිනේ නමගිය මෝටර් රථ තරග කරුවන් ඇතුළුව මෝටර් රථ සහ යතුරු පැදි ඉසව් සඳහා ශ්‍රී ලංකාවෙන් තරග කරුවෝ 150 දෙනෙක් ඉදිරිපත්ව සිටිති.
අන්තර්ජාතික මෝටර් රථ තරග වලදී දස්කම් පාන ශී‍්‍ර ලංකාවේ සුපිරි මෝටර් රථ ශූරයා වන ඩිලන්ත මාලගමුව මෙවරත් රාතී‍්‍ර මෝටර් රථ තරගාවලියට සහභාගිවේ. පසුගිය වසරේ තරගාවලියේදී ජී. ටී. 4 සුපිරි මෝටර් රථ ඉසව් දෙකේදීම මලයාසියානු රියැදුරන් අභිබවා යමින් මාලගමුව ජය ගත්තේය.
වොක්ස් වෝගන් පෝලෝ රථ පැදවීම සඳහා ඉන්දීය රියැදුරෝ හත්දෙනෙක් තරගාවලියට එක්වෙති. උපුල්වන් සේරසිංහ, සුමනපාල මාන්නප්පෙරුම සහ රොමානි ද සිල්වා මෙම ඉසව්වට සහභාගිවන ශ්‍රී ලංකා තරගකරුවෝ වෙති. පසුගිය වසරේදී වොක්ස් වෝගන් පෝලෝ ඉසව් දෙකම ඉන්දීය රියැදුරෝ ජය ගත්හ.
එස්. එල් - ජී. ටී. 3500 සුපිරි කාර් වේගවත්ම ඉසව්වේදී වාර්තාගත මෝටර් රථ 24 ක් තරග වදියි.
‘‘වොක්ස් වෝගන් පෝලෝ රථ ඇතුළු ජාත්‍යන්තර මෝටර් රථ ලංකාවට දැන් ගෙනැවිත් තිබෙන්නේ. ධාවන පථය ඇතුළු තරගාවලිය සඳහා සුදානම දැන් සියයට 90 ක්ම අවසන් යැයි’’ තරගාවලියේ මෙහෙයුම් ප‍්‍රධානී ෂෙහාන් ඞී. තිසේරා මහතා ‘ලංකාදීපයට’ පැවසීය.
කොළඹ මෝටර් රථ තරගාවලිය පසුගිය වසරේදී පළමුවරට පැවැත්විණ. එහිදී පේ‍්‍රක්‍ෂකයක් කිහිප දෙනකු අනතුරුවලට ලක් වු අවස්ථා ද වාර්තාවිය. මෙවර පේ‍්‍රක්‍ෂයන් සඳහා විශේෂ ආරක්‍ෂක වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක වන බව තිසේරා මහතා පැවසීය.
‘‘ධාවන පථය වටා වැලිකොට්ට සහ ටයර්වලට අමතරව දැල් ආවරණ අප මෙවර සකස් කරනවා. තරග නරඹන්නන්ට ප‍්‍රවේශපත්වලට අනුව නැරඹුම් ස්ථාන සපයලා තියෙන්නේ.
අප ජනතාවට දන්වා සිටින්නේ මාර්ග වැසීමෙන් සිදුවන අපහසුතා වලක්වා ගනිමින් කලින් පැමිණ තරගය නැරඹීමට සුදානම්වන්න කියායි ’’ යැයි තිසේරා මහතා පැවසීය.
පේ‍්‍රක්‍ෂකයන්ගේ ආරක්‍ෂාවත්, ධාවකයන්ගේ ආරක්‍ෂාවත් උදෙසා වැලි කොට්ට 150,000 ක් සහ ටයර් 5000 ක් පමණ ධාවන පථය වටා යොදා තිබේ.
මෝටර් රථ ඉසව් හතකින් සහ යතුරු පැදි ඉසව් හතරකින් තරගාවලිය සමන්විතය. ධාවන පථය කිලෝමීටර 4.5 ක දුරකින් යුක්තය. පේ‍්‍රක්‍ෂකයන්ට තරගය හොඳින් නැරඹීම සඳහා ධාවන පථය ගාලූ මුවදොර පිටිය මාර්ගය දක්වා දීර්ඝ කර තිබේ.
ප‍්‍රවේශ පත‍්‍රයේ වර්ණය අනුව ස්ථාන සකසා ඇති බවත්, ප‍්‍රවේශපත් එදින ලබාගැනීමට හැකියාව තිබෙන බවත් සංවිධායකවරු පවසති.
මෝටර් රථවලින් විවිධ දස්කම් පාන ඉන්දිය ධාවකයන් කිහිප දෙනෙක් තරග අතරතුරදී සංදර්ශනයක් පැවැත්වීමට ද සූදානමින් සිටිති.
තරගාවලිය ආරම්භ කරමින් රාත‍්‍රී 7 ට එම ධාවන පථයේදී රේසිං පාපැදි තරගයක් පැවැත්වේ. පාපැදි අතුරු කමිටුව විසින් තරගය මෙහෙයවනු ලබයි.
කාල්ටන් මෝටර් රථ ක‍්‍රීඩා සමාජය සංවිධානය කරන මෙවර තරගාවලියේ මෝටර් රථ තරග ආසියානු මෝටර් රථ සංගමය විසින් මෙහෙයවනු ලබයි. ශ්‍රී ලංකා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය යතුරු පැදි තරග මෙහෙයවයි.
තරගාවලියට ඇතුළත් ඉසව්:
● මෝටර් රථ තරග
ජී. ටී. 3 සහ ජී. ටී. 4 අන්තර්ජාතික ඉසව් (තරග 2 යි),
වොක්ස් වෝගන් පෝලෝ රථ ඉසව්ව
ටොයෝටා ඊටියස්
එස්. එල්. එච් 1600 සී.සී.
එස්. එල්. ජී. ටී. 3500 සුපිරි කාර් ඉසව්ව
ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී.
● යතුරු පැදි තරග
250 සී.සී. විවෘත ඉසව්ව
125 සී. සී. 2 ස්ට්‍රොක් / 250 සී. සී. 4 ස්ට්‍රොක් රේසිං ඉසව්ව
සුපර් මෝටාර්ඞ් විවෘත ඉසව්ව (125 සී.සී.)
ස්ටෑන්ඩර්ඞ් 250 සී.සී. (4 ස්ට්‍රොක්)

