බාලවයස්කාර දැරියක බලෙන් පැහැරගත්තැයි ඇමැති රාජිත සේනාරත්නට, ඔහුගේ බිරියට හා බාල පුතාට එරෙහිව ඉදිරිපත් කර ඇති හබයාස්කොපුස් පෙත්සමේ චෝදනා විභාග කර වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා මහේස්ත්‍රාත් උසාවියට අද (02) නියෝග කළේය.මේ සඳහා මහේස්ත්‍රාත්වරයකු නම් කිරීමට නියමිතය.
මහේස්ත්‍රාත් විභාගයක් පැවැත්වීමට සියලු පාර්ශවය එඟත්වය පළ කළේය. ජුනි 03 වැනිදා මහේස්ත්‍රාත් විබාගයේ ප්‍රගතිය වාර්තා කරන ලෙස මහාධිකරණ විනිසුරු පැමිණිල්ලට නියෝග කළේය.
දැරියගේ පියා වන පෙත්සම්කරු ද ඔහුගේ බිරිය ද උසාවි පැමිණ සිටි නමුත් රාජිත සේනාරත්න පාර්ශවයේ නීතීඥවරු පමණක් උසාවියේ පෙනී සිටියහ.

