( දිල්රුක්ෂි ග්‍රේරු )
රාජ්‍ය සේවකයින්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් ලිපි ගොණු පිළිබඳ සියලු විස්තර අන්තර්ජාලයට එකතුකිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
ඒ පිළිබඳව ඒ සඳහා අමාත්‍යංශ ලේකම්ට උපදෙස් ලබා දී ඇතැයිද හෙතෙම පවසයි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වෙත ලැබෙන බොහෝ ලිපි අතර විශ්‍රාම වැටුප් සකසා ගැනීම වෙනුවෙන් ලිපි ඉදිරිපත් වී ඇති බවත් ඇතැම් පෞද්ගලික ලිපිගොනු වල පවතින අඩුපාඩු හේතුවෙන් එය සකස් කිරීමට ප්‍රමාද වන බවත් අමාත්‍ය වරයා කීවේය.
මෙම ලිපිගොනු හානියක් නොවන අයුරින් තබා ගැනීමට මෙන්ම ඒ සඳහා යන ඉඩ ප්‍රමාණය සහ ලිපි ද්‍රව්‍ය අඩු කිරීමට මෙම ක්‍රමය මගින් හැකි වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම සියලු කටයුතු අරමුණු කරගනිමින් රාජ්‍ය නිලධාරීන්ගේ තොරතුරු අන්තර්ජාලයට එකතුකිරීමට සැකසීම සඳහා අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

