(මනෝප්‍රිය ගුණසේකර සහ හර් ෂණ තුෂාර සිල්වා)
රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් කල්මුණේ පොලිස්ථානය තුලදී වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය අද (19) පැවසීය.
කල්මුණේ පොලිස්ථානයේ රාජ්‍ය බුද්ධි සේවා කාර්යාලය තුළදී ඊයේ සවස 5.30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුකරගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කළේය.
වෙඩි තබාගෙන මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස රාජකාරි කළ යාපනේ පදිංචි 21 හැවරිදි පොලිස් නිලධාරියෙක් බවඑම කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කළේය.

