රාජ්‍ය දේපළට හානි කළැයි හිමිවරු සිව්දෙනෙක් අත්අඩංගුවට ගන්න නියෝග


(නිමන්ති රණසිංහ)

 

ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයක් අතුරතුර රාජ්‍ය දේපළවලට හානි කළැයි කියන සිද්ධියකට අදාළව භික්ෂූන් වහන්සේ සිව් නමක් ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ   කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (31) නියෝග කළාය.

 

ඉකුත් 2017 වර්ෂයේ දී සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හත් දෙනෙකු සම්බන්ධයෙන් කරුණු අනාවරණය වන බවට කොල්ලූපිටිය පොලීසිය අධිකරණය වෙත කරුණු සැළකිල්ලට ගත් මහෙස්ත‍්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

 

ඒ අනුව බෙංගමුවේ නාලක හිමි, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, මාගල්කන්දේ සුදන්ත හිමි, මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි යන ස්වාමින් වහන්සේ ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු සම්බන්ධයෙන් කොල්ලූපිටිය පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී’

 

එසේම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස හඳුනාගෙන සිටි අගුලූගල්ලේ සිරි ජිනානන්ද හිමියන් වෙත ඉකුත් නඩු දිනයේ දී අධිකරණයෙන් නිකුත් කර තිබූ වරෙන්තුව නැවත කැඳවීම ද අද (31) සිදුවිය.