රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව සභාපති වෛද්‍ය උත්පල


(රංජන් කස්තුරි)

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා පත්කරනු ලැබ සිටියි.

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා රුසියාවේ මොස්කව් මෙඩිකල් ඇකඩමියෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන තිබේ.

පොළොන්නරුව මහරෝහලේ සීමාවාසික පුහුණුව නිමකළ වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා වසර 2001 සිට 2009 දක්වා පොලොන්නරුව පුලස්ථි ග්‍රාමීය රෝහලේ සේවය කළේය.

එහිදී එම රෝහල මධ්‍යම පරිමාණ කාණඩය යටතේ දිවයිනේ හොඳම රෝහල බවට පත්වූ අතර ඒ සඳහා ඵලදායිතා සම්මානය ලැබීය.

තවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2008 වසරේ සංවිධානය කළ සෞඛ්‍ය විශිෂ්ඨතා සම්මාන උළේලේදී දිවයිනේ හොඳම වෛද්‍යවරුන් 5දෙනා අතරට වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතාද තේරී පත්විය.  

හෙතෙම 2009 වසරේ සිට මේ දක්වා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විකලාංග ඒකකයේ සේවය කරයි.

වසර 2015 සිටම වියත්මග සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයකු වන වෛද්‍ය ඉන්ද්‍රවංශ මහතා එහි විධායක කමිටුවේ සාමාජිකයෙක්ද වේ.