(නිමන්ති රණසිංහ)
සිය මිතුරන්ට එල්ලුම් ගස පෙන්වීමට අවශ්‍ය බව කියමින් පිරිසක් ද සමඟ බීමතින් පැමිණි රාජ්‍ය අමාත්‍යවරයකු ඉකුත් සතියේ දිනක බන්ධනාගාර මූලස්ථානය ට අයුතු ලෙස ඇතුළු ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම රාජ්‍ය අමාත්‍යවරයා සිය පිස්තෝලේ ද කරකවමින් බීමතින් බන්ධනාගාරය තුළට පැමිණ ඇත්තේ ඔහුගේ තවත් බීමත් මිතුරන් කිහිපදෙනෙකු සමගින් බව ද එම ආරංචි මාර්ග පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස දැඩිව බීමතින් සිටි බැවින් සහ ඔවුන්ගෙන් වැඩි දෙනෙකු කොට කලිසම් වලින් සැරසී සිටි බැවින් බන්ධනාගාර නිලධාරීන් ඔවුන්ට බන්ධනාගාරය තුළට පිවිසීමට ඉඩ ලබාදී නොමැති බවත් එහිදී මෙම පිරිස බංගලාව කළ නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදී ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
තරමක වේලාවක් බන්ධනාගාරය තුළ ඇවිදිමින් කල්ගත කළ මෙම පිරිස පසුව ඔවුන් පැමිණ පැමිණි සුඛෝපභෝගී මෝටර් රථ වලින් බන්ධනාගාරයෙන් පිටව ගිය බවත් එම ආරංචි වැඩිදුරටත් සඳහන් කරයි .
බන්ධනාගාර ආඥා පනත ප්‍රකාරව බීමතින් සහ අසංවරය ඇදුමින් සැරසී පැමිණෙන්න කිසිවකුටත් බන්ධනාගාරය තුළට ඇතුළු වීමට ඉඩ නොමැති අතර රාජ්‍ය අමාත්‍යවරයෙකු ඇතුළු මෙම පිරිස සිදුකළ විනය විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නා ලෙසට බන්ධනාගාර නිලධාරින් සිය උසස් නිලධාරීන්ට පැමිණිලි කිරීමට ද සූදානමක් ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ( පාලන) චන්දන ඒකනායක මහතාගෙන් විමසීමක් කළ අතර එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් තමන් කිසිවක්නොදන්නා බව සඳහන් කළේය

