
(ඩයනා උදයංගනී)
රාජ්‍ය ආයතනවලට භාණ්ඩ හා සේවා සපයා ගැනීමේ ප්‍රසම්පාදන කටයුතුවලදී දේශීය ආයතනවලින් පමණක් මිලදී ගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව ඉදිකිරීම් කොන්ත්‍රාත්තු, ගෘහ භාණ්ඩ, මෘදුකාංග හා දෘඩාංග මිලදී ගැනීමේදී අවම වශයෙන් 51% ක් හිමිකම් ඇති දේශීය සමාගම්වලින් මිලදී ගත යුතු බවත්, විදේශවලින් ගෙන්වීම කළ නොහැකි බවත් කී ඇමැතිවරයා මෙවැනි ප්‍රසම්පාදන ක්‍රමයක් ඇතිවූයේ මෙරට ඉතිහාසයේ පළමු වරට බව ද සඳහන් කළේය.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.
දේශීය ව්‍යාපාර ශක්තිමත් කිරීම මෙහි අරමුණ බව ද ඇමැතිවරයා පැවසීය.

