ගම්පහ රතුපස්වල ජලය අපවිත්‍රවීම සම්බන්ධයෙන් නිසි පියවර ගත්තාදැයි විමසීම සඳහා ලබන ජනවාරි 28 වැනි දා උසාවියේ පෙනී සිටින ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සහ අයෝජන ප්‍රවර්ධන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකට අද අභියාචනාධිකරණය නොතීසි නිකුත් කළේය.
පරිසර යුක්ති කේන්ද්‍රය මුල්වී පෙත්සම ඉදිරිපත් කළ බව නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පැවසීය.
මහර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා ද අධිකරණයට පැමිණ සිටියේය.
රතුපස්වල වෙනිග්‍රොස් අත්වැසුම් කම්හල වසා දමන්නැයි කියමින් පසුගිය ජූලි 27 වැනි දා සිට ගම්වාසීන් උද්ඝෝෂණය කළ අතර, උද්ඝෝෂණය කළ ගම්වාසීන් හා යුද හමුදාව අතර ගැටුමෙන් අගෝස්දු පළමු වැනි දා පාසල් සිසුහු දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් මිය ගියහ.