රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා ගැන හොයන්න කොමිසමක්


(රංජන් කස්තුරි)

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා හා සංශෝධන සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ කොමිෂන් සභාවක් පත් කර තිබේ.

රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය සම්බන්ධයෙන් වන එම විශේෂ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන එස්.රනුග්ගේ මහතා පත් කර තිබෙන අතර එස්.ජී.සුමනසිංහ මහතා කොමිෂන් සභාවේ ලේකම්වරයා ලෙස පත්කර තිබේ.

එම කොමිෂන් සභාවේ සාමාජිකයින් සංඛ්‍යාව 15 දෙනෙකු   වන අතර සෙසු සාමාජිකයින් ලෙස ටී.වී කොල්ලුරේ , සී.පී.සිරිවර්ධන, සුධර්මා කරුණාරත්න,ජනක සුගතදාස, ධරණී එස්.විජේතිලක,ලලිත් ආර්.ද සිල්වා, ජී.එස්.එදිරිසිංහ,ඒ.ආර්.දේශප්‍රිය,බි.ජී.පී.එස් අබේගුණරත්න,වෛද්‍ය පාලිත අබේකෝන් , පී.තංගමයිල්, එස්.ඩි ජයකොඩි සහ එම්.සී වික්‍රමරත්න යන මහත්වරු පත්කරනු ලැබ සිටිති.