රාජකීය විභාග සම්බන්ධීකරණ නිලධාරියා ගෙදර


භෞතික විද්‍යා ප්‍රශ්නපත්‍රයේ සංශෝධන කොළඹ රාජකීය විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ සිසුනට නොදුන්නැයි එහි සම්බන්ධීකරණ නිලධාරියා රාජකාරිවලින් ඉවත් කළ බව විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා පවසයි. ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් කියනුයේ විභාග සම්බන්ධීකරණ නිලධාරියාගේ රාජකාරී තහනම් කළද සිසුන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග පැහැදිලි කළ යුතු බවයි.