රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ 37-34 ක තියුණු ජයක් ලබති
රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ අවසන් මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන රග්බි තරගයේදී ශාන්ත ජෝශප් විදුහල් ජයග‍්‍රහණය උදුරා ගනිමින් ලකුණු 37-34 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ. පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයක් වන මෙම තරගය අද (18) සී. ආර්. පිටියේදී පැවැත්විණි.ශාන්ත ජෝශප් විදුහල ලකුණු 34-32 ක් ලෙස ඉදිරියෙන් සිටියදී දෙවැනි අර්ධයේ අවසන් මිනිත්තුවේදී වසීම් බාවා සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමග ලකුණු පුවරුව 37-34 ක්ව තිබියදී ප‍්‍රධාන විනිසුරුගේ අවසන් නළා හඩ නිකුත් විය. තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු පුවරුව 22-22 ක් ලෙස සම තත්ත්වයේ පැවතුණි.

