රාජකීය විදුහල තෙවැනි ජය ලබයි


කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගයෙන් රාජකීය විදුහල ලකුණු 32-17 ක් ලෙස ජය ලැබීය. පළමු වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයක් වන මෙම තරගය ඊයේ (12) විද්‍යා විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.