රාජකීය විදුහල 27-24 කින් කිංග්ස්වුඞ් පරාජය කරයි
‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ මහනුවර බෝගම්බර පිටියේදී අද (02) පැවැති තරගයේදී රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ මහනුවර කිංග්ස්වුඞ් විදුහලට එරෙහිව ලකුණූ 27-24 ක තියුණු ජයක් ලබමින් අපරාජිත වාර්තාව රැකගැනීමට සමත් වූහ.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට රාජකීය විදුහල ලකුණු 20x0 ක් ලෙස පෙරමුණේ පසු විය.

