රාජකීය - සා. තෝමස් තරගයේ වෙනසක් නෑ


(යොහාන් භාසුර)

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී අද (12) ආරම්භ වූ 141 වැනි වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය යොදාගත් පරිදි ඉදිරි දින දෙකේදීත් පවත්වන බව රාජකීය විදුහලේ විදුහල්පති බී. ඒ. අබේරත්න මහතා පැවසීය.

සියලූම පාසල් හෙට (13 වැනිදා) සිට වසා දැමීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැතිවරයා කළ නිවේදනයට පසුව රාජකීය - සාන්ත තෝමස් තරගය සම්බන්ධයෙන් කළ විමසීමේදී අබේරත්න මහතා එසේ පැවසීය.