රාජකීය - ත‍්‍රිත්ව ‘බ‍්‍රැඞ්බි’ රග්බි පළමු අදියර හෙට
කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර 68 වැනි ‘බ‍්‍රැඞ්බි’ පළිහ වාර්ෂික රග්බි තරගයේ පළමු අදියර හෙට (16) පස්වරු 4.30 ට රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වේ. මෙම තරගය ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තීරණාත්මක තරගයක් බවට ද පත්ව තිබේ.දෙවැනි අදියර මේ මස 30 වැනිදා මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

