රාජ නියමය අනුව කප් සිටුවයි By None // 2012 ජුනි 05 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලබන ජුලි 19 වැනි දා ඇරැඹී අගෝස්තු පළමුවැනි දා අවසන් වන කතරගම ඇසළ උළෙලේ කප් සිටැවීම අද අලුයම 5.30ට සිදුවිය. දුටුගැමුණු මහා රජතුමන් විසින් නියම කැරුණු මේ චාරිත්‍රය නොකඩවා සිදු කෙරෙයි. කප් සිටුවා දින 45 ගිය පසු පෙරහර මංගල්‍යය සිදු කළයුතු බව එදා රාජ නියමය විය. ශෂින්ද්‍ර රාජපක්ෂ බස්නායක නිලමේ ද පාරම්පරික කපු මහත්වරු ද මේ චාරිත්‍රයට එක් වූහ. කතරගම දෙවියනට වෙන් වූ ගසකින් එක සමාන කප් ලී දෙක කැලයෙන් සොයා ගන්නා කපු මහත්වරු එම ගසේ නම රහසක් වශයෙන් තබා ගනිති. මුලින්ම වල්ලි අම්මා දෙවොලේ තබන කප් ලී මැණික් ගඟෙන් සෝදා හිරු නඟින්නට පෙර මහා දෙවොලට ගෙනවුත් සිටුවා ඉපැරැණි චාරිත්‍ර රකිමින් කතරගම පෙරහාරේ මුල්ම අවස්ථාව සහිටුහන් කරති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත