(ඉන්දිකා රාමනායක)
රාගම ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා කුලියට වාහන ලබාදෙන ආයතනයකට අයත් වාහනයක් රාගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට ලබාදීමට පැමිණ සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මත්තේගොඩ පදිංචි ෂේන් තිලකරත්න නැමැති 30 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසය පැවසීය.

