රාගම බෙහෙත් ගබඩාව අරී


රාගම රෝහලේ බෙහෙත් ගබඩාව අද (29) විවෘත කැර රෝගීනට අවශ්‍ය බෙහෙත් ලබා ගත් බව රෝහල් අධ්‍යක්ෂ දොස්තර යු එම් එම් සමරනායක මහතා කියයි. පරිපුරක වෛද්‍ය සේවකයින්ගේ වැඩ වර්ජනය සමඟ ගබඩාව  වසා දැමිණි.

වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ ගබඩාවෙන්  බෙහෙත් ගෙන යළි වැසු බව ඔහු කියයි.  රෝහල් ප්‍රකාශකයකු පැවසුයේ අසරණ ලෙඩුන් නිකරුණේ මැරෙන්නට ඉඩ දිය නොහැකි බවයි.