රාගම ක‍්‍රිකට් සමාජයට මල්ටි ෆිනෑන්ස් අනුග‍්‍රහය


ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම පළමු පෙළ ක‍්‍රිකට් සමාජයක් වන රාගම ක‍්‍රිකට් සමාජයට අනුග‍්‍රහය දැක්වීමට මල්ටි ෆිනෑන්ස් සමාගම ඉදිරිපත්ව සිටියි. රාගම පිලේ නායකයා ලෙස ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ කඩුලූ රකින ක‍්‍රීඩක සමීර සොයිසා කටයුතු කරයි. ළහිරු තිරිමාන්න රාගම පිල නියෝජනය කරමින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක්වූ කී‍්‍රඩකයකු වන අතර ශ්‍රී ලංකා 19 න් පහළ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල නියෝජනය කළ කී‍්‍රඩකයෝද රාගම පිල වෙනුවෙන් කී‍්‍රඩා කරති. මල්ටි ෆිනෑන්ස් සමාගමේ සාමාන්‍ය අධිකාරි චිරන්ත ගන්නෝරුව මහතා විසින් රාගම පිලේ නායක සමීර සොයිසාට අනුග‍්‍රහක චෙක්පත නිල වශයෙන් පිරිනමන ලද අවස්ථාව. රාගම ක‍්‍රිකට් සමාජයේ සභාපති රොෂාන් අබේසිංහ සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති කේ. මතිවානන් යන මහත්වරු ද මෙහි වෙති.