ආණමඩුව අධ්‍යපන කොට්ඨාසයේ රළපනාව කනිටු විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල අලකාර අංග රැසකින් සමන්විතව විද්‍යාල ක්‍රීඩා භූමියේදි පැවැත්විණි.
ගැමි ගෙදරක් හා ගමයි පන්සලයි වැවයි දාගැබයි ආකෘති ඇසුරෙන් මයුර සහ තිසර නමින් ක්‍රීඩා නිවාස සකසා තිබිණි. සමස්ථ ජයග්‍රහණය මයුර නිවාසයට හිමිවිය.
විදුහල්පති මැල්කම් පීටර්සන් සහ නියොජ්‍ය විදුහල්පති සනත් ප්‍රියදර්ශන යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ගුරු මණ්ඩලය සහ දෙමව්පිය එකමුතුවෙන් උළෙල සංවිධානය කළ මේ උත්සවයට නවගත්තේගම පොලිස් ස්ථානාධිපති එස් දයානන්ද මහතා ඇතුළු අවට විද්‍යාල රැසක විදුහල්පතිවරුන් මේ සඳහා එක්ව සිටියහ.
























