රහස් පොලීසියට පැමිණිලි 22ක්
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රයේ ඇතැම් ප්‍රශ්න විභාගයට කළින් පිටවුණැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විවිධ ප්‍රදේශවලින් රහස් පොලීසියට තොරතුරු 22ක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
එම පැමිණිලි අනුව 25 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයිද හෙතෙම පවසයි.
මේ සම්බන්ධ තොරතුරු ඇත්නම් රහස් පොලීසියට දුරකතනයෙන් දැනුම් දෙන ලෙසද, එලෙස දැනුම්දුන් පසු නිලධාරීන් අදාළ ප්‍රදේශයටම පැමිණ විස්තර ලබා ගන්නා බවද, තොරතුරු ලබා දීමට කොළඹ පැමිණීමේ අවශ්‍යතාවක් නොවන බවද, තොරතුරු ලබා දෙන්නන්ගේ රහස්‍යභාවය රකිනා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

