රහස් පොලිසියට අදත් දොස්
වෘත්තිය සමිති කටයුතු පිළිබඳව ජනාධිපති හිටපු අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා හා ඔහුගේ ආරක්ෂකයන්ගේ ඝාතන සම්බන්ධයෙන් රහස් පොලිසිය හරිහැටි පරීක්ෂණ නොකරන නිසා මහජනයාත්, නිතීඥවරුත් අධිකරණයට ඇඟිල්ල දිගුකරතියි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රකාශ කෙළේය. පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග කළත් රහස් පොලිසිය එසේ නොකරතියි ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා ප්‍රකාශ කෙළේය. අපක්ෂපාතව යුක්තිය පසඳලීමට ප්‍රතිඥ දී සිටින විනිසුරුවනට කළ හැක්කේ නියෝග දීම පමණක් බව ද, නිලධරයන් එම නියෝග ක්‍රියාත්මක නොකරන්නේ නම් අධිකරණයට කළ හැකි දෙයක් නැති බව ද මහේස්ත්‍රාත් කීවේය. දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා කරුණු දක්වමින් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා උසාවි නියෝග විවේචනය කරන බව කීවේය. ඇය අලුත්කඩෙත් පොල්ගසා දේව කන්නලව් කරන බව ද ඇයට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය. ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා කරුණ දක්වමින් ඇය කියා ඇත්තේ දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන් ලෙස උසාවියෙන් දුන් නියෝග රහස් පොලිසිය ක්‍රියාත්මක නොකරන බව යැයි ද එය උසාවියට අපහාස කිරීමක් නොවේ යැයි ද දේව කන්නලව් කිරීමට පොල් ගැසීමට හෝ කතරගම යෑමට හෝ උසාවියෙන් අවසර ගත යුතු දැයි ඔහු ප්‍රශ්න කෙළේය. රහස් පොලිසිය කියා සිටියේ දුමින් ද සිල්ව අත්අඩංගුවට ගැනීම ගැන නීතිපතිගෙන් අවස්ථා කිහිපයකදී විමසා ඇතත් පිළිතුරු නැති බවයි. සැකකරුවෝ 16 දෙනා ජුනි පස් වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

